micro:bit ශ්‍රි ලංකා සමූහය නිල වශයෙන් දියත් කිරීම සහ micro:bit පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගිය 21 වෙනිදා සිදු වුනා. ඒ උඩුබද්දාව නැණසල මධ්‍යස්ථානයේදියි. micro:bit යොදා ගෙන ශ්‍රී ලංකාවේ සිදු කල පළමු Hour of Code වැඩසටහනද මෙදින පැවැත්වීම විශේෂත්වයක්. සිසුන් 20 දෙනෙකු පමණ එකවර මේ වැඩසටහනට එක් වුනා. අප සමුහයේ සාමාජිකයන්ගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් සාර්ථකව එය අවසන් කළා.