micro:bit සිසුන්ගේ පරිගණක ක්‍රමලේඛන දැනුම වර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක්. ආරම්භයේදී එක්සත් රාජධානියේ වයස අවුරුදු 7ක් වූ දරුවන් අතරේ micro:bits නොමිලේ බෙදා හැරීමට කටයුතු කළා. දැන් එය ලොව වටා දරුවන් අතරට ගෙන යාමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. මෙය භාවිතය ඉතාම පහසුයි. මේ සතුව 5×5 LED array, Bluetooth සහ on-board compass වැනි ප්‍රයෝජනවත් අංග රැසක්ම පවතිනවා. ඒ වගේම ඔබේ මයික්රෝ බිටය රැහැන් රහිතව ඔබේ Android හෝ iOS ස්මාර්ට් දුරකථනය හරහා වුවද ක්‍රමලේඛනය කල හැකියි. මේ micro:bit සමඟ ක්‍රියාකාරකම් ලිපි මාලාවේ පළමු වැන්නයි.

Rock paper scissors

මාතෘකාව : Local Variables

පංතිය: 7 ශ්‍රේණිය

පූර්ව විස්තරය

දත්ත ගබඩා කිරීමට යොදා ගත හැකි Local Variable සකසන ආකාරය ඉගෙන ගන්න. ඔබ local variables ඔබේ කේතයෙහි භාවිතා කරන්න පුළුවන්. මේ අපි ක්‍රියාකාරකමෙන් පැරණි rock paper scissors ක්‍රීඩාව global variables, local variables, math random සහ create image, show image, show string, and show number වැනි සරල විධාන යොදාගෙන සකස් කරනවා.

අරමුණු

  • Condition එකක් සකසන අන්දම ඉගෙන ගන්න. එවිට micro:bit එක සොලවන විට ඔබේ කේතය ධාවනය වේවි.
  • දත්ත ගබඩා කිරීමට අවශ්‍යය වන තැන් වලදී local variable එකක් සකස් කරන අන්දම ඉගෙන ගැනීම.
  • micro:bit LED තිරයේ රුපයක් දර්ශනය කරන අන්දම ඉගෙන ගැනීම.
  • අහඹු අංකයක් return කරන අන්දම ඉගෙන ගන්න.
  • බොත්තමක් මගින් කේතයක් ධාවනය කිරීමට ඉගෙන ගැනීම
  • micro:bit LED තිරයේ වැකියක් දර්ශනය කරන අන්දම ඉගෙන ගැනීම.
  • micro:bit LED තිරයේ අංකයක් දර්ශනය කරන අන්දම ඉගෙන ගැනීම.

ක්‍රමික ගමන් මාර්ගය/ පරිගණක චින්තන රාමුව

ඇල්ගොරිතම

  • රූප සටහන් මගින් ගැටලුවකට විසදුම් ප්‍රකාශනය කරයි.(AB)
  • ව්යුහයාත්මක අංකනය (structured notation) මගින් විසදුමක් ප්‍රකාශනය කරයි. (AL) (AB)

කේතකරණ වැඩි දියුණු වීම

  • දෙන ලද අභිමාර්ථයක් ඉටු වන ලෙස වැඩසටහන් සකසයි.(AL)
  • විචල්‍යය අර්ථ දැක්වීම සහ නියම කිරීම(AB)
  • අදාල/සුදුසු data types තෝරා ගනියි.(AL) (AB

දත්ත නිරූපනය

  • තොරතුරු සොයා බැලීමට පෙරනයන් භාවිතා කරයි.(AL)
  • දත්ත ආකාර අර්ථ දැක්වීම: real numbers සහ Boolean (AB)

දෘඩාංග සැකසුම

  • සංවේදක, යෙදුම් මෘදුකාංග ඇතුළු විවිධ ආදාන උපාංග මගින් දත්ත එකතු කරන බව දැන ගනියි.(AB)

තොරතුරු තාක්ෂනය

  • ඩිජිටල් මාධ්‍යයෙන් දත්ත එකතු කිරීම, සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සිදු කරයි. (AB)
  • ලැබෙන ප්‍රතිචාර වලට අනුව විසදුමට සුදුසු වැඩිදියුණු කිරීම් සිදු කරයි. (EV)
පරිගණක චින්තන සංකල්පයන්: AB = Abstraction; DE = Decomposition; AL = Algorithmic Thinking; EV = Evaluation; GE = Generalisation

ක්‍රියාකාරකම්

අතිරේක ක්‍රියාකාරකම්

පියවරෙන් පියවර

නව script එකක් සැකසීමට, Create Code පිටුවට ගොස් Touch develop යටතේ ඇති New Project යන්න තෝරන්න. micro:bit සෙලවූ විට අවශ්‍යය කේතය ධාවනය වීම සිදු කිරීමට අවශ්‍යයි.

input → on shake do
add code here
end

ඊළඟට, rock, paper සහ scissors යන රාමු තුනකින් සමන්විත රුපයක් සකසන්න.

input → on shake do
var img := image → create image()
end

plot image සහ math→random(3) යන function මගින් micro:bit දර්ශනය විය යුතු රූපය අහඹු ලෙස තෝරා ගන්නවා.

input → on shake do
var img := image → create image()
img → plot frame(math → random(3))
end